පුවත් විශේෂාංග

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

තවදුරටත් වගා බිම හා හිරු එළියේ උපරිම ප‍්‍රයෝජනය උදෙසා වතුරශ‍්‍රාකාරව වගා කිරීම වෙනුවට ත‍්‍රිකෝණාකාරව පරතරයන් සපයා පැල සිටුවීම කළ හැකිය. එදිනෙදා අත්‍යවශ්‍ය බෝග කුස්සියේ වගාවක් ලෙස හෝ එළවළු කොටුවක් ලෙස ජල මුලාශ‍්‍රයක් අසල (ළිඳ) පිහිටුවා ගත්විට කාලය, ශ‍්‍රමය ඉතිරිකර ගතහැකි අතර වැඩි අවධානයකින් එම බෝග නඩත්තු කළ හැකිය.

ඉඩකඩ හිඟ නාගරික පරිසරයකදි භූමිය අවම ලෙස භාවිතාවන හා වායව පරිසරය උපරිමව භාවිතා කළහැකි විකල්ප මාර්ග ඔස්සේ වගා කළ හැකිය. මේ සඳහා කෙටිකාලීන බෝග තෝරාගැනීම වඩාත් වැදගත්වන අතර පලාකුළුණු , මලු, පෝච්චි වැනි බඳුන් වගා ද නිර්පාංශූ වගා ක‍්‍රම ද අනුගමනය කළ හැකිය.

ගෙවත්තකට සුදුසු පළිබෝධ පාලන ක‍්‍රම බෝග කළමනාකරණයේදී වඩා වැදගත් තැනක් ගන්නා අතර ඒ සඳහා තෝරාගන්නා තාක්ෂණික විකල්පයන් බෝගයක් භූමියේ පිහිටුවන දිනයේ සිට අස්වැන්න ලබාගන්නා තෙක් වැඩි අවධානයක් අනුගමනය කළ යුතු ඒවාය. එහෙත් සරලව එම තාක්ෂණයන් කොටස් කිහිපයකට වෙන් කළ හැකිය.

* හිතකර වගා ක‍්‍රම මගින් ගැටළු මග හැරීම.

* ස්වභාවික ක‍්‍රම මගින් ගැටලු අවම කිරීම.

* භෞතික ක‍්‍රම හා ස්වභාවික පළිබෝධ නාශක හැකි සෑම විටම යොදා ගැනීමෙන් පාලනය කිරීම.

ගෙවතු සංවර්ධනයේ ප‍්‍රධාන ඉලක්කය උපරිම භූමි පරිහරනයක් බැවින් සීමිත වු භූමියක වැඩියෙන් ප‍්‍රයෝජනයට ගතහැකි වායව පරිසරයේ වැවිය හැකි සෑම ඉඩකඩ උචිත බෝග ඇතුළත් කිරීම වැදගත්ය. මේ සඳහා සුදුසු වගා රටා හා විකල්ප වගා ක‍්‍රම අනුගමනය කළහැකි මුත් හිතකර පැළ ගහනයකට පරතර සැපයීමත් කප්පාදු හා පඳුරු පාලනය කොට නිෂ්පාදනය වැඩි කිරීමට මං සැලසීම ඉතා වැදගත්ය.

වසර පුරා බෝගයන්ගෙන් ගෙවත්ත පිරවීමේදී සම්පත් මෙන්ම ඉඩකඩ කළමනාකරණය කළ යුත්තේ කාලානුරූපීවය. මෙහිදී කන්නයට සුදුසු බෝග තේරීම , බෝග මාරුව, අතුරු බෝග පිහිටුවීම, තවාන් හා පැළ ප‍්‍රචාරණය හා පැළ සිටුවීම, ජල සම්පාදනය , පොහොර යෙදීම හා කප්පාදු ක‍්‍රම වැනි ශෂ්‍ය පාලනයන් අනුගමනය කළ යුත්තේ උපරිම නිෂ්පාදනයක් උදෙසා නියම කාලයටය. නිසි කලට අවශ්‍ය දේ කිරීමත්, අද සිදු කළ යුතු කාර්යය හෙටට කල් නොදැමීමත්, වසර 5 – 10 ක් තුල ගෙවත්ත යළිිිි සැලසුම් කිරිමත් ගෙවතු සංවර්ධනයේදී කාලය හා ගැටෙන අනිවාර්ය කාර්යයන්ය.

* ඵල දරණ අවස්ථාවක හැර හැකි සෑම විටම මතුපිට පස් ස්ථරය බුරුල් කර වාතනය දියුණු කරන්න. තෙතමනය සුරකින්න.

* තවාන් පාලනයට/පැළ නඩත්තුවට විකල්ප ක‍්‍රම අනුගමනය කරන්න.

* උචිත ස්ථානයක පැළ සිටුවන ගෙවතු පරිසරය සුන්දර හා ආකර්ශණීව කරන්න.

* හිතු මතේට පැළ රැස්කර සිටුවීම නොකරන්න. එය ගෙවතු වගාවක් නොවේ.

* අවශ්‍ය පමණට ජලය හා පොහොර සපයන්න.

* පැළෑටි අක‍්‍රිය අවස්ථාවක පමණක් කප්පාදු හා පඳුරු පාලනය කරන්න.

* ලිපේ අළු කාබනික පොහොර යොදා පැළෑටි ශක්තිමත් කරන්න.

* ඉවතලන ජීවි අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් සාදා පස සරු කරන්න.

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

http://www.silumina.lk/2008/08/31/_art.asp?fn=ak0808312

ගෘහ ආර්ථික ගෙවතු සංකල්ප

ගෙවතු වගාව

ගෙවතු වගාව නිසා අපට ප්‍රයෝජන රැසක් හිමිවේ.

clip_image001 පවුලේ සමාජිකයන්ට ප්‍රියජනක සමබල ආහාර වේල් ලබාගත හැක

clip_image001[1] සීමිත සාධකයක් වන භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැක

clip_image001[2] නිවසේ හා ගෙවත්තේ අපද්‍රව්‍ය නැවත නැවත භාවිතා කිරිම නිසා පරිසරය පවිත්‍ර වේ

clip_image001[3] වස විසෙන් තොර රස ගුණයෙන් පිරි පිරිසිදු ආරක්ෂාකාරී අළුත් එළවළු සහ පළතුරු පරිභෝජනය කිරීමට හැකි වේ

clip_image001[4] අවශ්‍ය සෑමවිටම ඵල නෙලාගත හැකි නිසා විටින් විට ‍වෙළඳ ‍පොළට යාමට ගතවන කාලය හා වියදම ඉතිරි කරගත හැකි වේ

clip_image001[5] නිවස අවට සිසිලසක් හා සුවපහසු අලංකාර පරිසරයක් ඇති වේ

clip_image001[6] ගතට ව්‍යායාමයක් සහ වි‍වේක කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි වේ.

කාර්මික සංවර්ධනය නාගරීකරණය ආදී හේතු නිසා මෑත කාලයේදී මිනිසුන් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙළඳපොළ වෙත යාමට පුරුදු වූ අතර එම ඉල්ලුම සපුරාලීම සඳහා වාණිජ මට්ටමේ බෝග නිෂ්පාදන බිහි විය. අද ග්‍රාමීය ජනතාව පවා තම එළවළු හා පළතුරු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වෙළඳපොල වෙත යාමට පුරුදු වී ඇති නිසා ඒ සඳහා ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉල්ලුමට සරිලන සේ සැපයීම අපහසු වී ඇත.

මේ නිසා මිලෙන් වැඩි කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන ලද ගුණත්වයෙන් අඩු හා පරිභෝජනයට නුසුදුසු එළවළු හා පළතුරු වෙළඳ පොළට ඉදිරිපත් වීම ආදී අහිතකර තත්වයන්ට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදු වී තිබේ.

ගෙවතු වගාව කෙරෙහි පැවතුන උනන්දුව අඩු වීමෙන් සමාජ, ආර්ථික හා පාරිසරික ප්‍රශ්න රැසක් ඇති වී තිබේ. වාණිජ්‍යමය වගාවල් පැතිරීම නිසා කැලෑ එළි කිරීම, පස සෝදා යාම, ජල සම්පත් සිදී යාම, කෘෂි රසායනික ද්‍රව්‍ය මඟින් පරිසරය දූෂණය වීම ආදි අපේ පැවැත්මට අහිතකර විපත් රාශියක් සිදු වෙමින් පවති. මෙම ව්‍යසනයන්ගෙන් ගැලවී ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් ඇතිකර ගැනීමත් රසායනික වස විසෙන් තොර එළවළු, පළතුරු ආදිය නිපදවා ගැනීමටත් අපට පහසුවෙන් පුළුවන. ඒ සඳහා අප කළ යුත්තේ අපේ මුතුන් මිත්තන් මෙන් ගෙවතු වගාව වෙත යලි නැඹුරු වීමයි.

අපට අවශ්‍ය එළවළු, පළතුරු ආදිය අපම නිපදවාගත යුත්තේ ඇයි?

01 වෙළඳපොලේ පවතින මිල අධික වීම.

clip_image001[7] එළවළු සහ පළතුරු අස්වැන්න නෙළීම වසර තුල නිශ්චිත වූ කාලයන්ට සීමා වී පවති

clip_image001[8] එබැවින් ඉතිරි කාලවලදී සැපයුම ඉතාමත් අඩු වේ

තවද අයහපත් දේශගුණික තත්වයන් නිසා නිෂ්පාදනය අඩුවන අවස්ථා ඇතිවන බැවින් එළවළු හා පළතුරු මිල බොහෝ විට ඉහළ මට්ටමක පවති

02 අහිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වීම

වාණිජ මට්ටමෙන් එළවළු සහ පළතුරු වගා කිරීමේදී බහුල වශයෙන් රෝග හා පළිබෝධ හානි ඇති වේ

ඒවා මර්ධනය කිරීම සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ

පලිබෝධනාශක මිනිසුන්ට අධික ලෙස විෂ සහිතවන අතර ඒවා යෙදීමෙන් පසු සති 2-3 කාලයක් ගතවනතුරු අස්වැන්න නෙළා ගැනීම නොකල යුතුය

සමහර ගොවීන් කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා සති දෙකක් ගත වීමට පෙර අස්වැන්න නෙළා වෙළඳ පොළට එවන බව වාර්තා වී ඇත

එම නිසා වෙළඳ පොලේ එළවළු සහ පළතුරුවල බොහෝ විට අහිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇත

03 රසය හා ගුණය හීන වීම

අස්වැන්න නෙළාගත් අවස්ථාවේ සිට ගතවන කාලයත් සමඟ එළවළුවල රසය සහ පෝෂ්‍ය ගුණය ක්‍රමයෙන් අඩු වේ

වෙළඳපොලෙන් බොහෝ විට අපට මිලදී ගැනීමට සිදුවන්නේ අස්වැන්න නෙළා දින 3 – 6 පමණ ගත වූ රසයෙන් හා ගුණයෙන් හීන වූ එළවළු සහ පළතුරුය

04. පරිභෝජනයට නුසුදුසු එළවළු සහ පළතුරු

බොහෝ එළවළු වර්ග නොමේරු අවධියේදීත් පළතුරු වර්ග හොඳින් මේරූන පසුවත් අස්වැන්න නෙළා ගත යුතුය

නමුත් පරිභෝජනයට නුසුදුසු තරමට මේරූ එළවළු වර්ග හා නොමේරූ පලතුරුද අලෙවියට තබා ඇත

තවද පරිභෝජනයට නුසුදුසු තරමටම කල් ගිය එළවළු හා පළතුරු වෙළඳ‍පොලේ අලෙවි කිරීමට ඇත

http://www.goviya.lk/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: