තක්කාලි සෝස් ගෙදරදී සාදාගමු.

සරුසාර ගෙවත්තකට අත්වැල

  

ඔබේ නිවස කුඩා බිම් කඩක තිබෙනවා වෙන්න පුළුවන්. එසේ වුවත් එම ඉඩ ප්‍රමාණය මැනවින් කළමනාකරණය කරගෙන ඵලදායි හා ලස්සන හිත පිරෙන පරිසරයක් තනා ගන්න ඔබට පුළුවන්. මේ බ්ලොග් අවකාශය ඔබට ඊට සහය වේවි෴

wikigoviahomegarden wikigoviahomegardenintro

අපේ ගෙවත්ත  ඉහත සියළු කවුළු සදහා විකිගොවියා වෙබ් අඩවියට පිවියෙන්න

 sinhala සිංහල අකුරු මෙතනින් ගන්න

කුඩා ඉඩ ප්‍රමාණයක වගාවක් සදහා පිවිසුම

එළවලු හා පළතුරු වවන්න ගොවිපොලක් හෝ විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යම නැහැ. පොඩි ඉඩ ප්‍රමාණයක සරු අස්වැන්නක් සහිතව වගා කල හැකි ක්‍රම එමට තියෙනවා. නිරන්තරයෙන් ඒ සම්බන්ධ පර්යේෂණ ද කෙරෙනවා. ඔබටත් පුළුවනි ඔබට අවශ්‍ය එළවලු ටික ගෙදරම වගා කරගන්න. බිම් අඟලක් නැතිව වුව ද , ඊට ද යෙදිය හැකි ක්‍රම තියෙනවා. පෝච්චියක හෝ බහාලුම් බඳුනක බෝග වගා කරන්න ඔබට පුළුවන් කම තියෙනවා.

බොහෝවිට අප උනන්දු වෙන්නෙ, අපට තියෙන සුළු ඉඩ ප්‍රමාණ‍යේ මල් පැලයන් හෝ විසිතුරු ශාඛයක් හදාගන්න. මල් පැල ඕන නැහැ කියනවා නෙවෙයි. එළවලු බෝගයක් හදාගන්න උනන්දු වන පිරිස අඩුයි. මල් පැලයක් හදන්න උනන්දු වෙනවා වගේම බෝගයක් හදාගන්නත් උනන්දු වෙතොත් හිත වගේම බඩත් පිරෙයි. විශ්වාසයෙන් යුතුව පරිභෝජනයට ගත හැකියි. ආර්ථික වාසියකුත් තියෙනවා. ඒ විතරද බෝග වගාවෙනුත් මල් පැල වලින් සේම අපූර්ව සුන්දරත්වයක්, ලස්සණක් ලැබෙනවා. පෝච්චියක වගා කල චෙරි තක්කාලි ගහක් ඵල දැරුවම හරිම ලස්සණයි. වර්ණවත්. මල් පැල වල මල් ිපුනම ඔබේ සතුට ඉහ වහා යනවා වගේම හදාගත්ත බෝගයක් ඵල දරණ කොටත් අපූර්ව සුන්දරත්වයක් ඔබට දැනේවි.

tomatosincontainer hblettuce Bellpepper  0235453

සතියේ වගා කතා බහ – තක්කාලි වගාව ලිපි 2 වගා කිරීම

තක්කාලි

දුරවි පදු නාමකරණය – සොලනම් ලයිකොපර්සකම්       Binomial nameSolanum lycopersicum
සමරුත් නාමය – ලයිකොපර්සකම් එස්කුලෙන්ටම්     
Synonyms       – Lycopersicon esculentum
කුලය – සොලනේසී                                          Family              – Solanaceae

ලාංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනිකුත් සියලුම කෘෂි දේශගුණික කලාපවල තක්කාලි වගාකළ හැකිය. එය ගොවියාට සාර්ථක ආදායමක් උපයාදෙන, සැලකියයුතු අපනයන විභවයක් ඇති හා විටමින් ඒ, සී හා ඛනිජ පදාර්ථ අඩංගු බෝගයක් ද වේ.

800px-TomateTrossRomanaTyp

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට – ග්‍රෑම් 300 – 400 කි.

තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය.
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකසන්න.
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 – 20 පමණ උස්විය යුතුය.
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.

ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් – කැප්ටාන් / තිරාම්
පිළිස්සීම මගින් – පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.

බීජ තවාන් දැමීම
සුදුසු කාලය
මාර්තු මැද හෝ අගෝස්තු මස අගදී බීජ තවාන් දමන්න. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න.
තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 – 15 ක් වනසේ බීජ තුනීව දමන්න.

සිටුවන ගැඹුර
සෙන්ටි මීටර් 0.5 – 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න.
අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරන්න.
දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 – 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමන්න.
පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.

ක්ෂේත්‍ර පිළියෙල කිරීම
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගන්න.
ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.

පරතරය
සෙන්ටි මීටර් 80 x 50 කි.

ක්ෂේත්‍රයේ සිටුවීම
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න.
තවානේ පැල දින 14 – 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න.
පැල සිටුවන සෑම වලකටම කාබනික පොහොර යොදන්න. (හෙක්ටයාරයකට ටොන් 6 -12) සමතලා පාත්ති හෝ උස් පාත්තිවල පැල සිටුවීම කරන්න. පැල සිටුවා අධික හිරුරැස් ඇති නම් පැලවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.

පොහොර යෙදීම
සකසාගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 – 3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යෙදා පස් සමග කළවම් කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.

image

ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.

වල් මර්ධනය
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරන්න.

ආධාරක සිටුවීම
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු වලට ගස් තබා ප්‍රවේශමෙන් බදින්න.

අනුග්‍රහය – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව       curtsey -  Department of Agriculture, Sri Lanka.

පසුගිය ලිපි

ලිපි අංක 1 – ප්‍රභේද 

ප්‍රභේද = Common Tomato Varieties – Wikigoviya

Common Tomato Varieties 

Download Images of Tomato Varieties

මේවාත් කියවන්න Read more – Wikigoviya

පුවත් විශේෂාංග

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

තවදුරටත් වගා බිම හා හිරු එළියේ උපරිම ප‍්‍රයෝජනය උදෙසා වතුරශ‍්‍රාකාරව වගා කිරීම වෙනුවට ත‍්‍රිකෝණාකාරව පරතරයන් සපයා පැල සිටුවීම කළ හැකිය. එදිනෙදා අත්‍යවශ්‍ය බෝග කුස්සියේ වගාවක් ලෙස හෝ එළවළු කොටුවක් ලෙස ජල මුලාශ‍්‍රයක් අසල (ළිඳ) පිහිටුවා ගත්විට කාලය, ශ‍්‍රමය ඉතිරිකර ගතහැකි අතර වැඩි අවධානයකින් එම බෝග නඩත්තු කළ හැකිය.

ඉඩකඩ හිඟ නාගරික පරිසරයකදි භූමිය අවම ලෙස භාවිතාවන හා වායව පරිසරය උපරිමව භාවිතා කළහැකි විකල්ප මාර්ග ඔස්සේ වගා කළ හැකිය. මේ සඳහා කෙටිකාලීන බෝග තෝරාගැනීම වඩාත් වැදගත්වන අතර පලාකුළුණු , මලු, පෝච්චි වැනි බඳුන් වගා ද නිර්පාංශූ වගා ක‍්‍රම ද අනුගමනය කළ හැකිය.

ගෙවත්තකට සුදුසු පළිබෝධ පාලන ක‍්‍රම බෝග කළමනාකරණයේදී වඩා වැදගත් තැනක් ගන්නා අතර ඒ සඳහා තෝරාගන්නා තාක්ෂණික විකල්පයන් බෝගයක් භූමියේ පිහිටුවන දිනයේ සිට අස්වැන්න ලබාගන්නා තෙක් වැඩි අවධානයක් අනුගමනය කළ යුතු ඒවාය. එහෙත් සරලව එම තාක්ෂණයන් කොටස් කිහිපයකට වෙන් කළ හැකිය.

* හිතකර වගා ක‍්‍රම මගින් ගැටළු මග හැරීම.

* ස්වභාවික ක‍්‍රම මගින් ගැටලු අවම කිරීම.

* භෞතික ක‍්‍රම හා ස්වභාවික පළිබෝධ නාශක හැකි සෑම විටම යොදා ගැනීමෙන් පාලනය කිරීම.

ගෙවතු සංවර්ධනයේ ප‍්‍රධාන ඉලක්කය උපරිම භූමි පරිහරනයක් බැවින් සීමිත වු භූමියක වැඩියෙන් ප‍්‍රයෝජනයට ගතහැකි වායව පරිසරයේ වැවිය හැකි සෑම ඉඩකඩ උචිත බෝග ඇතුළත් කිරීම වැදගත්ය. මේ සඳහා සුදුසු වගා රටා හා විකල්ප වගා ක‍්‍රම අනුගමනය කළහැකි මුත් හිතකර පැළ ගහනයකට පරතර සැපයීමත් කප්පාදු හා පඳුරු පාලනය කොට නිෂ්පාදනය වැඩි කිරීමට මං සැලසීම ඉතා වැදගත්ය.

වසර පුරා බෝගයන්ගෙන් ගෙවත්ත පිරවීමේදී සම්පත් මෙන්ම ඉඩකඩ කළමනාකරණය කළ යුත්තේ කාලානුරූපීවය. මෙහිදී කන්නයට සුදුසු බෝග තේරීම , බෝග මාරුව, අතුරු බෝග පිහිටුවීම, තවාන් හා පැළ ප‍්‍රචාරණය හා පැළ සිටුවීම, ජල සම්පාදනය , පොහොර යෙදීම හා කප්පාදු ක‍්‍රම වැනි ශෂ්‍ය පාලනයන් අනුගමනය කළ යුත්තේ උපරිම නිෂ්පාදනයක් උදෙසා නියම කාලයටය. නිසි කලට අවශ්‍ය දේ කිරීමත්, අද සිදු කළ යුතු කාර්යය හෙටට කල් නොදැමීමත්, වසර 5 – 10 ක් තුල ගෙවත්ත යළිිිි සැලසුම් කිරිමත් ගෙවතු සංවර්ධනයේදී කාලය හා ගැටෙන අනිවාර්ය කාර්යයන්ය.

* ඵල දරණ අවස්ථාවක හැර හැකි සෑම විටම මතුපිට පස් ස්ථරය බුරුල් කර වාතනය දියුණු කරන්න. තෙතමනය සුරකින්න.

* තවාන් පාලනයට/පැළ නඩත්තුවට විකල්ප ක‍්‍රම අනුගමනය කරන්න.

* උචිත ස්ථානයක පැළ සිටුවන ගෙවතු පරිසරය සුන්දර හා ආකර්ශණීව කරන්න.

* හිතු මතේට පැළ රැස්කර සිටුවීම නොකරන්න. එය ගෙවතු වගාවක් නොවේ.

* අවශ්‍ය පමණට ජලය හා පොහොර සපයන්න.

* පැළෑටි අක‍්‍රිය අවස්ථාවක පමණක් කප්පාදු හා පඳුරු පාලනය කරන්න.

* ලිපේ අළු කාබනික පොහොර යොදා පැළෑටි ශක්තිමත් කරන්න.

* ඉවතලන ජීවි අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් සාදා පස සරු කරන්න.

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

http://www.silumina.lk/2008/08/31/_art.asp?fn=ak0808312

ගෘහ ආර්ථික ගෙවතු සංකල්ප

ගෙවතු වගාව

ගෙවතු වගාව නිසා අපට ප්‍රයෝජන රැසක් හිමිවේ.

clip_image001 පවුලේ සමාජිකයන්ට ප්‍රියජනක සමබල ආහාර වේල් ලබාගත හැක

clip_image001[1] සීමිත සාධකයක් වන භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැක

clip_image001[2] නිවසේ හා ගෙවත්තේ අපද්‍රව්‍ය නැවත නැවත භාවිතා කිරිම නිසා පරිසරය පවිත්‍ර වේ

clip_image001[3] වස විසෙන් තොර රස ගුණයෙන් පිරි පිරිසිදු ආරක්ෂාකාරී අළුත් එළවළු සහ පළතුරු පරිභෝජනය කිරීමට හැකි වේ

clip_image001[4] අවශ්‍ය සෑමවිටම ඵල නෙලාගත හැකි නිසා විටින් විට ‍වෙළඳ ‍පොළට යාමට ගතවන කාලය හා වියදම ඉතිරි කරගත හැකි වේ

clip_image001[5] නිවස අවට සිසිලසක් හා සුවපහසු අලංකාර පරිසරයක් ඇති වේ

clip_image001[6] ගතට ව්‍යායාමයක් සහ වි‍වේක කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි වේ.

කාර්මික සංවර්ධනය නාගරීකරණය ආදී හේතු නිසා මෑත කාලයේදී මිනිසුන් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙළඳපොළ වෙත යාමට පුරුදු වූ අතර එම ඉල්ලුම සපුරාලීම සඳහා වාණිජ මට්ටමේ බෝග නිෂ්පාදන බිහි විය. අද ග්‍රාමීය ජනතාව පවා තම එළවළු හා පළතුරු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වෙළඳපොල වෙත යාමට පුරුදු වී ඇති නිසා ඒ සඳහා ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉල්ලුමට සරිලන සේ සැපයීම අපහසු වී ඇත.

මේ නිසා මිලෙන් වැඩි කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන ලද ගුණත්වයෙන් අඩු හා පරිභෝජනයට නුසුදුසු එළවළු හා පළතුරු වෙළඳ පොළට ඉදිරිපත් වීම ආදී අහිතකර තත්වයන්ට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදු වී තිබේ.

ගෙවතු වගාව කෙරෙහි පැවතුන උනන්දුව අඩු වීමෙන් සමාජ, ආර්ථික හා පාරිසරික ප්‍රශ්න රැසක් ඇති වී තිබේ. වාණිජ්‍යමය වගාවල් පැතිරීම නිසා කැලෑ එළි කිරීම, පස සෝදා යාම, ජල සම්පත් සිදී යාම, කෘෂි රසායනික ද්‍රව්‍ය මඟින් පරිසරය දූෂණය වීම ආදි අපේ පැවැත්මට අහිතකර විපත් රාශියක් සිදු වෙමින් පවති. මෙම ව්‍යසනයන්ගෙන් ගැලවී ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් ඇතිකර ගැනීමත් රසායනික වස විසෙන් තොර එළවළු, පළතුරු ආදිය නිපදවා ගැනීමටත් අපට පහසුවෙන් පුළුවන. ඒ සඳහා අප කළ යුත්තේ අපේ මුතුන් මිත්තන් මෙන් ගෙවතු වගාව වෙත යලි නැඹුරු වීමයි.

අපට අවශ්‍ය එළවළු, පළතුරු ආදිය අපම නිපදවාගත යුත්තේ ඇයි?

01 වෙළඳපොලේ පවතින මිල අධික වීම.

clip_image001[7] එළවළු සහ පළතුරු අස්වැන්න නෙළීම වසර තුල නිශ්චිත වූ කාලයන්ට සීමා වී පවති

clip_image001[8] එබැවින් ඉතිරි කාලවලදී සැපයුම ඉතාමත් අඩු වේ

තවද අයහපත් දේශගුණික තත්වයන් නිසා නිෂ්පාදනය අඩුවන අවස්ථා ඇතිවන බැවින් එළවළු හා පළතුරු මිල බොහෝ විට ඉහළ මට්ටමක පවති

02 අහිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වීම

වාණිජ මට්ටමෙන් එළවළු සහ පළතුරු වගා කිරීමේදී බහුල වශයෙන් රෝග හා පළිබෝධ හානි ඇති වේ

ඒවා මර්ධනය කිරීම සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ

පලිබෝධනාශක මිනිසුන්ට අධික ලෙස විෂ සහිතවන අතර ඒවා යෙදීමෙන් පසු සති 2-3 කාලයක් ගතවනතුරු අස්වැන්න නෙළා ගැනීම නොකල යුතුය

සමහර ගොවීන් කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා සති දෙකක් ගත වීමට පෙර අස්වැන්න නෙළා වෙළඳ පොළට එවන බව වාර්තා වී ඇත

එම නිසා වෙළඳ පොලේ එළවළු සහ පළතුරුවල බොහෝ විට අහිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇත

03 රසය හා ගුණය හීන වීම

අස්වැන්න නෙළාගත් අවස්ථාවේ සිට ගතවන කාලයත් සමඟ එළවළුවල රසය සහ පෝෂ්‍ය ගුණය ක්‍රමයෙන් අඩු වේ

වෙළඳපොලෙන් බොහෝ විට අපට මිලදී ගැනීමට සිදුවන්නේ අස්වැන්න නෙළා දින 3 – 6 පමණ ගත වූ රසයෙන් හා ගුණයෙන් හීන වූ එළවළු සහ පළතුරුය

04. පරිභෝජනයට නුසුදුසු එළවළු සහ පළතුරු

බොහෝ එළවළු වර්ග නොමේරු අවධියේදීත් පළතුරු වර්ග හොඳින් මේරූන පසුවත් අස්වැන්න නෙළා ගත යුතුය

නමුත් පරිභෝජනයට නුසුදුසු තරමට මේරූ එළවළු වර්ග හා නොමේරූ පලතුරුද අලෙවියට තබා ඇත

තවද පරිභෝජනයට නුසුදුසු තරමටම කල් ගිය එළවළු හා පළතුරු වෙළඳ‍පොලේ අලෙවි කිරීමට ඇත

http://www.goviya.lk/

Follow

Get every new post delivered to your Inbox.